වර්ෂ 1992 ඔක්තෝම්බර් 02 වැනි දින වීරියගම නෝරාඩ් ගොඩනැගිල්ලේ ආරම්භ වූ හ/ වීරියගම කනිටු විදුහලේ මුල් විදුහල්පති වූයේ කේ . ගුණදාස කරුණාරත්න මහතාය . එතුමන් සමග ඒ.එම්. කේ. නිමල් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දෙමාපියන් දිග අඩි 50 න් සහ පළල අඩි 15 යුක්ත වහලයට ටකරන් සහිත නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. 1995 න් පසු ක්‍රමයෙන් 6 සහ 7 ශ්‍රේණි ආරම්භ විය.