වර්ෂ 1992 දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව අධ්‍යපන කොට්ඨාශයේ වීරියගම නම් වූ ග්‍රාමයේ භූමියක කටුමැටි ගසන ලද ගොඩනැගිල්ලකින් ආරම්භ කරන ලද මෙම විදූහල හ/ වීරියගම කනිටු විදුහල නමින් ප්‍රසිද්ධ විය. වීරියගම නම් වූ ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වර්ෂ 1992 ඔක්තෝම්බර් 02 වැනි දින වීරියගම නෝරාඩ් ගොඩනැගිල්ලේ ආරම්භ වූ හ/ වීරියගම කනිටු විදුහලේ මුල් විදුහල්පති වූයේ කේ . ගුණදාස කරුණාරත්න මහතාය . එතුමන් සමග ඒ.එම්. කේ. නිමල් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.
පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස එන්. කේ. ජයරත්න සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ඉතා ඉක්මනින් සිසුන් පාසලට එක් වූ බැවින් 1 ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. ආරම්භයේදි සිසුන් 13 කට සීමා වුවද එම වසරේදීම 132 දක්වා ශිෂ්‍ය සංඛ්‍යව වර්ධනය කර ගැනීමට එවකට සිටි විදුහල්පතිතුමා අතුලු ආචාර්ය මණ්ඩලය සමත් වී ඇත.
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දෙමාපියන් දිග අඩි 50 න් සහ පළල අඩි 15 යුක්ත වහලයට ටකරන් සහිත නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. 1995 න් පසු ක්‍රමයෙන් 6 සහ 7 ශ්‍රේණි ආරම්භ විය.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය උපදේශන ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 50 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 04කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ශ්‍රී ලාංකේය අභිමානය ගරු කරන නැණ ගුණ සපිරි යහපත් පුරවැසියෙකු බිහි කිරීම." යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.
ආරම්භ කළ වර්ෂය |
1992 ඔක්තෝම්බර් 02 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
10 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
13 |
මුල් ගුරුතුමාගේ නම |
කේ . ගුණදාස කරුණාරත්න මහතා |
පාසලේ ආදි කතෘගේ නම |
ඒ.එම්. කේ. නිමල් මහතා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
වීරියගම මහා විද්‍යාලය |
පාසල පැවැත්වූ ස්ථානය |
වීරියගම, නෝරාඩ් ගොඩනැගිල්ල |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එන්. කේ. ජයරත්න |